පළාත් පාලන මැතිවරණය සඳහා පක්ෂ 6ක් සහ ස්වාධීන කණ්ඩායම් 10 අද (9) ඇප මුදල් තැම්පත් කළ ආකාරය දක්නට ලැබිණි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ස්වාධින කණ්ඩායම් 1, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලු පළාත් පාලන ආයතන (21) සහ ස්වාධින කණ්ඩායම් 1යි , අම්පාර දිස්ත්‍රික්කයේ එක්සත් කොංග්‍රස් පක්ෂය කල්මුණේ මහනගර සභාව, සහ ස්වාධීන කණ්ඩායම් 3ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායම් 2ක්, පුත්තලම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලු පළාත් සභා (12), ගම්පහ දිස්ත්‍රික්කයේ එක් ස්වාධීන කණ්ඩායමක්, කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු සභා (13) එක්සත් ජාතික නිදහස් පෙරමුණ කොළඹ මහනගර සභාව සහ ස්වාධීන කණ්ඩයාම් 2 , හම්බන්තොට ජාතික ජන බලවේගය සියලු සභා (12) යනාදී වශයෙන් අද දින ඇප මුදල් තැන්පත් කර තිබෙන බව කොමිෂන් සභාව සඳහන් කරයි.