Monday, November 02, 2026
Follow Us
කුරුදු කර්මාන්තයෙන් මේ වසරේ අගෝස්තු වනවිට රුපියල් කෝටි 6000ක ආදායමක්
කුරුදු කර්මාන්තයෙන් 2026 අගෝස්තු 30 වනවිට ඇ.ඩො.මිලි. 185 ආදායමක් (රුපියල් කෝටි 6000 ක්) මේ වනවිට උපයා ඇති බව කෘෂකර්ම පශු සම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

 

වසර අවසන් වනවිට රුපියල් කෝටි 10000 ක ඉලක්ක ගත ආදායමක් ඉපයීම සදහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුවට රජය විසින් රුපියල් මිලියන 365 ක් (රුපියල් කෝටි 36.5) මේවනවිට වෙන්කර ඇත.
 
සම්ප්‍රදායික නොවන ප්‍රදේශ වල අලුතින් කුරුදු වගාව අක්කර 2500 ක් ස්තාපනය කිරීම, කුරුදු අගය එකතු කල නිශ්පාදන කර්මාන්ත ඇතිකිරීම, කර්මාන්තය සදහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිති සහතික ලබාදීම, කුරුදු කර්මාන්තයේ ව්‍යාසායකත්ව සංවර්ධනය උදෙසා මෙම මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇත.