Thursday, January 29, 2026
Follow Us
මැතිවරණයක් පැවැත්වීමේ තීරණ ගැනීමේ හැකියාව කොමිෂන් සභාව සතුයි - කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා

කිසිවෙකුගෙන් නොවිමසා මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට හිමි යැයි කෝප් කමිටු සභාපති, මහනුවර දිස්ත්‍රික් ‍පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.


මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් එකිනෙකාගේ විවිධ මත පවතින බැවින් එම කොමිෂමට සෘජු තීන්දු ගැනීමේ හැකියාව පවතින බව මහනුවර පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේය.


පක්ෂ කිහිපයක් ජනමතය උරගා බැලීම සඳහා මැතිවරණයක් ඉල්ලා සිටිත් දී තවත් පිරිසක් මේ බැරෑරුම් අවස්ථාවේ මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වැය කිරීම අපේ ආර්ථිකයකට දරාගත හැකිද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බවත් ඒ මහතා සඳහන් කළේය.


මහනුවර දිස්ත්‍රික්කයේ නාම යෝජනා සඳහා අත්සන් තැබීම ඉදිරි සතියේදී කරන බව කී ඒ මහතා කළුතර දිස්ත්‍රික්කයේ ඇප මුදල් තැම්පත් කිරීම සිදුකළ බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.