2016 පසු රාජ්‍ය සේවයට බඳවා ගත් අයටත් දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට තීරණයක් ගෙන ඇතත් එය ප්‍රායෝගික යෝජනාවක් ක්‍රියාත්මක කර නොමැති බව ග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
එමනිසා එම ගැටලුව හඳුනා ගනිමින් පවතින රජය ඉදිරියේදී හෝ ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් පිළිබද අවධානය යොමු කරමින් සිටින බව ද ඒ මහත් සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ, අද (17) පාර්ලිමේන්තුවේදී පා.ම. ඉරාන් වික්‍රමරත්න මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
"මෙම පත්වීම් විශ්‍රාම වැටුප් සහිතය. ඔබට හිමි විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතු වේ. තවද ඔබ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට හා වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුපට දායක විය යුතුය. රජය මඟින් විටින් විටින් නියම කරනු ලබන ආකාරයට ඔබ විසින් දායක මුදල් ගෙවිය යුතුයි" යනුවෙන් සඳහන් කර තිබේ.
ඒ අනුව විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් තිබෙන බව නිරීක්ෂණය වී ඇති බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.