ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියා සඳහා යොමුවන මෙරට කාන්තාවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 21ක් වශයෙන් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මෙරටට පැමිණ සිටින ජාත්‍යනතර මුල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායම සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට සාකච්ජා ආරම්භ කර තිබෙනවා.
විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ට මෙරටට ඇතුල්වීමේදී අනිවාර්ය කර තිබූ කොරෝනා රක්‍ෂණාවරණය ඉවත් කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින්.
අද සිට ලබන සිකුරාදා දක්වා වසා තැබෙන පාසල්වල සිසුන්ට අධ්‍යාපන කටයුතුවල නිවසේ සිට නිරතවීමට අවස්ථාව සලසා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ක්‍රම කිහිපයක් යටතේ ඊට එක්වීමට සිසුන්ට අවස්ථාව පවතින බවයි.
ඉදිරි දින තුළ පෙට්‍රල් පෝලිම්වල රැදී නොසිටින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. පවතින පෙට්‍රල් හිගය හමුවේ එම දිනවල පෙට්‍රල් තොග නිකුත් කරනු ලබන්නේ සීමා සහිතව බවයි අමාත්‍යවරයා 19 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.
විදුලිබිල ඉහළ දමන ආකාරය තවත් දින තුනක් ඇතුළත තීරණය කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. 19 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ජනක රත්නායක පැවසුවේ විදුලි ඒකක 30 ත් 60 ත් අතර භාවිත කරන අඩුආදායම්ලාභීන්ට අසාධාරණයක් නොවන පරිදි විදුලිබිල ඉහළ දමන බවයි.
පෞද්ගලික අංශයේ සේවකයන්ටද නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඔහු පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවා නිවසේ සිට වැඩ කළ හැකි සේවකයන්ට ඊට අදාල පහසුකම් සපයන ලෙසයි.
The Ministry of Public Security has instructed the police to use minimal force against those who behave violently near filling stations and during protests.
පවතින අර්බුධකාරී වාතාවරණය හමුවේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් සඳහා සතියේ සෑම සිකුරාදා දිනයකදී ඉන්ධන ලබාදීම සඳහා බලශක්ති අමාත්‍යවරයා සමග සිදුකළ සාකච්ජාවෙන් පසු ක්‍රමවත් වැඩපිළිවලක් සකස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කවැල්ල ප්‍රකාශ කර සිටිනවා.
විදුලි කප්පාදු වේලාව තවත් විනාඩි 15කින් දික් කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
තේ කර්මාන්තශාලාවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන ඉන්ධන ලංගම ඩිපෝ හරහා ලබා දීමට තීරණය කර තිබෙනවා. මීට පෙර ඉන්ධන පිරවුම්හල් මගින් තේ කර්මාන්ත ශාලා සදහා අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීමට තේ මණ්ඩලය මගින් බලපත්‍ර ලබාදී තිබුණා.
Page 177 of 647