Thursday, February 12, 2026
Follow Us
පුද්ගලික වාහනවලට තෙල් ගහන්න අලුත් ක්‍රමයක්

සතියට දවස් දෙකක් ඉන්ධන ලබාදෙන්න නව වැඩපිළිවෙලක්


පෞද්ගලික රථවාහන සඳහා සතියට දවස් දෙකක් ඉන්ධන ලබාදෙන නව වැඩපිළිවෙලක් හඳුන්වා දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

(19) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එම දින දෙක තම තමන්ගේ අංක තහඩුවේ අවසාන අංකය අනුව යම් කාලවකවාණුවක් වෙන්කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

“අපි ඩිපෝවලට යෝජනා කරලා තියෙනවා විදේශීය සංචාරකයින් ගෙන්වන බස්රථ, වෑන්රථ‍ ඩීසල් භාවිත කරන. එවැනි රථ හා පාසල් බස්රථ හා වෑන් රථ, විශේෂයෙන් පෞද්ගලික අංශයේ සේවකයින් ප්‍රවාහනය කරන බස්රථ හා වෑන් රථ තියෙනවා රජයේ සේවකියින් ප්‍රවාහනය කරන බස්රථ හා වෑන් රථවලටත් අපි මේ අවස්ථාව ලබාදීලා තියෙනවා. ඊට අමතරව වෘත්තීමය වශයෙන්, පූර්ණ කාලීනව කටයුතු කරන ත්‍රීරෝද රථ හඳුනාගෙන ඔවුන්ගේ නාමලේඛනයක් සකස් කරලා, ඒ ත්‍රීරෝද රථවලට අපිට බෙදලා වෙන්කරලා දෙන්න කියලා, ඔවුන්ගේ බලප්‍රදේශයේ හෝ ඔවුන්ට ආසන්නම බලප්‍රදේශයේ තියෙන පිරවුම්හලට වෙන්කරලා දෙන්න කියලා. එහෙම වෙන්කරලා දුන්නහම ඒ පිරවුම්හලෙන් විතරමයි ඒ ත්‍රීරෝදරථයට අපි ලබාදෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම පෞද්ගලිකව පාවිච්චි කරන ඒවා වෙන්න පුළුවන් අනෙකුත් රථවෙන්න පුළුවන් ඒකට සතියට දවස් දෙකක් පමණක් වෙන්වෙන ආකාරයට යම් වැඩපිළිවෙලක් යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් විදියට තමන්ගේ නම්බර් ප්ලේට් එකේ අවසාන අංකය අනුව කාලවකවාණුවක් වෙන්කරලා දෙන්න.
ඊට අමතරව සෞඛ්‍ය අංශය අපෙන් ඉල්ලීමක් කළා වෛද්‍යරුන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ සතියේ ඉඳලා සිකුරාදා දිනය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කය ඔවුන්ට පහසුකම් තියෙන තෝරාගත් පිරවුම්හල් කිහිපයක් ලබාදෙන්න.”

Aruna