Thursday, February 12, 2026
Follow Us
පෞද්ගලික අංශයේ සේවකයන්ටත් WORK FROM HOME, අනවශ්‍ය ගමන් බිමන් එපා – බලශක්ති ඇමති යෝජනා කරයි

පෞද්ගලික අංශයේ සේවකයන්ටද නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඔහු පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවා නිවසේ සිට වැඩ කළ හැකි සේවකයන්ට ඊට අදාල පහසුකම් සපයන ලෙසයි.

සීමිත ඉන්ධන තොග ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඇමතිවරයා මෙම යෝජනාව සිදු කරයි.

සේවා සැපයීමේදී හැකිතරම් අන්තර්ජාලය භාවිතා කරන ලෙසත් රැස්වීම් සඳහා පිට පළාත්වල සේවකයන් කැඳවීම වෙනුවට අන්තර්ජාලය හරහා එම රැස්වීම් පවත්වන ලෙසත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ඇමතිවරයා සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විනෝද ගමන් ඇතුළු අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී ඉන්ධන ආරක්ෂා කර ගැනීම සඳහා රජයට හැකිතරම් සහාය ලබාදෙන ලෙසයි.

LNW