Thursday, February 12, 2026
Follow Us
වසා තැබෙන පාසල්වල සිසුන්ට අධ්‍යාපනය දෙන්න නව වැඩපිළිවෙලක්

අද සිට ලබන සිකුරාදා දක්වා වසා තැබෙන පාසල්වල සිසුන්ට අධ්‍යාපන කටයුතුවල නිවසේ සිට නිරතවීමට අවස්ථාව සලසා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ක්‍රම කිහිපයක් යටතේ ඊට එක්වීමට සිසුන්ට අවස්ථාව පවතින බවයි.

අද සිට ලබන සිකුරාදා වසා තැබෙන පාසල් සහ පවත්වාගෙන යන පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මෙලෙස අදහස් පළ කළා.

ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට අහිමි වී ගිය අධ්‍යාපනය ඉදිරියේදී යළි ලබාදීමට වැඩපිළිවෙලක්ද සකස් කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

Neth