Thursday, February 12, 2026
Follow Us
2022 සාපෙළ 2023ට යයි

එළඹෙන අගෝස්තු නිවාඩුව අඩු කිරීමට පියවර ගනී


2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මේ වනවිට පාසල් පැවැත්වෙන දින ගණන අඩුවීම හේතුවෙන් එළඹෙන අගෝස්තු නිවාඩුව හැකිතාක් අඩු කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව හෙටින් ඇරඹෙන ඉදිරි සති දෙක තුළ දරුවන්ට අහිමි වෙන පාසල් දින ගණන අගෝස්තු සහ දෙසැම්බර් මාසවලින් ආවරණය කරගැනීමට නියමිතයි.

එසේම ප්‍රාථමික ගුරුවරුන් සඳහා සජීවි හා සූම් තාක්ෂණය ඔස්සේ සැසි කිහිපයක් පවත්වමින් වර්ෂ අවසානය වනවිට අහිමි වී ගිය අධ්‍යාපන කටයුතු නැවත සිදුකරන අන්දම පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

Aruna