විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ට මෙරටට ඇතුල්වීමේදී අනිවාර්ය කර තිබූ කොරෝනා රක්‍ෂණාවරණය ඉවත් කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින්.
මෙරටට ඇතුල්වීමේදී විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ට මෙම රක්‍ෂාණාවරණය අනිවාර්ය කර තිබුණේ ඉකුත් අප්‍රේල් 18 වනදා සිටයි. ඒ, රට තුළ පැවති කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින්. කෙසේවෙතතත් මේ වනවිට මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අවමවීම හේතුවෙන් මෙලෙස විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ට මෙරටට ඇතුල්වීමේදී අනිවාර්ය කර තිබූ කොරෝනා ප්‍රතිකාර රක්‍ෂනාවරණය ඉවත් කර තිබෙනවා.
මේ අතර මුව ආවරණ පැළදීම අනිවාර්ය කරමින් පනවා තිබූ නීතියද ඉකුත්දා ඉවත් කෙරුණා.
Neth