තේ කර්මාන්තශාලාවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන ඉන්ධන ලංගම ඩිපෝ හරහා ලබා දීමට තීරණය කර තිබෙනවා. මීට පෙර ඉන්ධන පිරවුම්හල් මගින් තේ කර්මාන්ත ශාලා සදහා අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීමට තේ මණ්ඩලය මගින් බලපත්‍ර ලබාදී තිබුණා.
කෙසේ වෙතත් පිරවුම්හල් මගින් බලපත්‍ර ඉදිරිපත් කර ඉන්ධන ලබා ගැනීම ප්‍රායෝගිකව දුෂ්කර බැවින් ඉහත තීරණය ගත් බවයි තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ පැවසුවේ. තේ කර්මාන්ත ශාලාවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් තේ දළු එකතු කිරීම අනිවාර්ය වනවා.
ඒ සදහා ඉන්ධන අත්‍යවශ්‍ය බැවින් ලංගම ඩිපෝ මගින් අවශ්‍ය ඉන්ධන ලබා දීමට අදාල බලධාරීන් එකඟ වූ බවද තේ කොමසාරිස්වරයා සදහන් කළා. ඒ අනුව එම තීරණය ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
Neth