Thursday, February 12, 2026
Follow Us
23 පෙට්‍රල් නෞකාවක් ගන්න ඇමති කංචන අපේක්‍ෂාවෙන්

ඉදිරි දින තුළ පෙට්‍රල් පෝලිම්වල රැදී නොසිටින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. පවතින පෙට්‍රල් හිගය හමුවේ එම දිනවල පෙට්‍රල් තොග නිකුත් කරනු ලබන්නේ සීමා සහිතව බවයි අමාත්‍යවරයා 19 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.

එම පෙට්‍රල් තොග අත්‍යවශ්‍ය රාජකාරී සදහා යොමුවී සිටින පිරිසට පමණක් ලබාගැනීමට අවස්ථාව ලබාදෙන ලෙසද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළා

තවත් දින 3 කින් පසුව පෙට්‍රල් බෙදාහැරීම යථා තත්ත්වයට පත් කිරීමට හැකිවෙතැයි අපේක්‍ෂා කරන බවයි අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේ.

වෙළදපොළට දෛනිකව නිකුත් කරන පෙට්‍රල් ප්‍රමාණය ඉහළ දමන ලෙසට ලංකා අයි ඕ සී සමාගමෙන් ඉල්ලීමක්ද කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

Neth