විදුලිබිල ඉහළ දමන ආකාරය තවත් දින තුනක් ඇතුළත තීරණය කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. 19 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ජනක රත්නායක පැවසුවේ විදුලි ඒකක 30 ත් 60 ත් අතර භාවිත කරන අඩුආදායම්ලාභීන්ට අසාධාරණයක් නොවන පරිදි විදුලිබිල ඉහළ දමන බවයි.
මේ අතර අද සිට පෙරවරු හතේ සිට දහවල් 12 දක්වා කාලය තුළ විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පැවසුවා. එම කාලය තුළ සිසුන්ට ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු කරන බැවින් විදුලිය කප්පාදුවක් සිදුනොකරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය කල ඉල්ලීමට අනුව එලෙස කටයුතු කරන බවයි එම කොමිසම පැවසුවේ.
ඒ අනුව අද සිට විදුලිය කප්පාදු කෙරෙන්නේ දහවල් 12 සිට රාත්‍රි 10.30 දක්වා කාලය තුළ පැය2යි විනාඩි 30 ක කාලයක් පමණක් බව මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් සදහන් කළා.
Neth