Friday, September 25, 2026
Follow Us
State

2025 අයවැය යෝජනා අනුව පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු, දියුණු තාක්ෂණය සහිත බස් රථ හදුන්වාදීමේ වැඩපිළිවෙළ ( Urban Luxury Transport ) යටතේ ආනයනය කළ මෙට්‍රෝ බස් රථ 104ක් රැගත් නෞකාව ඊයේ (29) පස්වරුවේ කොළඹ වරාය වෙත ළඟා විය.

State

කම්කරු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් එළැඹෙන 30 සහ 31 යන දෙදින සිදු කිරීමට නියමිත බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

State
2027 මාර්තු 17 සහ 18 යන දෙදින තුළ හතර වන බිම්ස්ටෙක් කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීම සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම මෙරට දී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.
 
බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක මුල පිරීම (BIMSTEC) යනු බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු ආසියාතික සහ නැගෙනහිර ආසියාතික රටවල් 07 කින් සැදුම්ලත් කලාපීය සංවිධානයකි.
 
බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් අතර ආර්ථික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම එම සංවිධානයේ ප්‍රමුඛ අරමුණ වේ. කෘෂි කර්මාන්තය බිම්ස්ටෙක් සාමාජික රටවල්වල රැකියා සඳහා මූලික මූලාශ්‍රයක් වීම සහ තිරසර සංවර්ධනය හා කලාපීය ආහාර සුරක්ෂිතතාව සඳහා කෘෂි කර්මාන්තය හා ඒ ආශ්‍රිත අංශ වල වැදගත්කම සැලකිල්ලට ගෙන බිම්ස්ටෙක් සහයෝගිතාවයේ එක් අංශයක් ලෙස කෘෂිකර්මාන්තය එක් කරනු ලැබ තිබේ.
 
ඒ යටතේ බිම්ස්ටෙක් කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීම සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම වසර 02 කට වරක් පවත්වනු ලබන අතර, එහි හතරවන රැස්වීම ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට යෝජනා වී ඇත. ඒ අනුව, 
State
නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් නාගරික අඩු පහසුකම් ජනාවාසයන්හි ජීවත් වන ප්‍රජාව සඳහා ක්‍රියාත්මක කරන ලද අඟුලාන සයුරුපුර, බොරැල්ල සහස්පුර හා සිංහපුර අදියර I සහ සිංහපුර අදියර II යන නිවාස සංකීර්ණවල නිවාසලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම, ආරක්ෂාව සහතික කිරීම හා ගොඩනැගිලිවල කල් පැවැත්ම වැඩි කර ගැනීම සඳහා අත්‍යවශ්‍යයෙන් සිදු කළ යුතු අලුත්වැඩියාවන් කඩිනමින් සිදු කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇත.
State

2026 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම හා තෙවන පාසල් වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

State