දුම්රිය මගීන් සඳහා ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ මිලදී ගැනීමේ පහසුකම ඊයේ (18) සිට සලසා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව, www.pravesha.lk වෙබ් අඩවිය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගතව මිලදී ගැනීමට හැකියාව ඇත.
එමෙන්ම, Pravesha ජංගම දුරකථන යෙදවුම ඔස්සේ ද දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ පහසුකම සලසා තිබේ.