යෝජිත අධ්‍යාපන සභාවේ විෂය පථය යටතට ගැනෙන කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ වෙනත් නෛතික විධිවිධාන යටතේ දැනටමත් බලය පැවරී ඇති ආයතන සමඟ නිසි සම්බන්ධීකරණයකින් යුතුව අධ්‍යාපන සභාව පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබේ.
කිසිදු ආකාරයකින් උසස් පෙළ විභාගයේ ප්‍රශ්ණ පත්‍ර පිටවීමක් සිදුවී නැති බවත් අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසත් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය විභාග කොමසාරිස් ජනරාල් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළාය.
ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අරමුදල් යොදා ගනිමින් මුතුරාජවෙල පර්යන්තයේ ඝනමීටර 15,000ක ඉන්ධන ගබඩා ටැංකි 02ක් සහ ඝනමීටර 10,000ක ඉන්ධන ගබඩා ටැංකියක් ඉදි කිරීම සඳහා 2025-06-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
පූජාපිටිය ජල සම්පාදන යෝජනා ක්‍රමය මඟින් ජලය ලබාදෙන ප්‍රදේශ රැසකට අද (06) පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා පැය 05ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා සිටී.
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ඇරඹෙන අතර එය සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත් වේ.
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙයි:
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (2026/08/09) නිකුත් කරන ලද තද සුළං පිළිබඳ අවදානම් කාලගුණ නිවේදනයට අනුව, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සමස්ත ධීවර ප්‍රජාව වෙත මෙම විශේෂ දැනුම්දීම සිදු කරනු ලබයි.
කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
අවධානයෙන් පසුවන්න: කැලණි ගඟ ද්‍රෝණියට අයත් පහත් බිම්වල පදිංචි මහජනතාව මේ පිළිබඳව දැඩි සැලකිල්ලකින් සහ අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
ගමනාගමනයේදී ප්‍රවේශම් වන්න: එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල (විශේෂයෙන් අතුරු මාර්ගවල) ධාවනය වන වාහන පදවන්නන් ගංවතුර තත්ත්වය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.
තවද, පවතින අවදානම් තත්ත්වය හමුවේ අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආපදා කළමනාකරණ අංශවලින් ද ඉල්ලීමක් කර ඇත.
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමේ කඩයිම් ලකුණු නිකුත් කර තිබේ.
Page 2 of 647