Thursday, September 24, 2026
Follow Us
නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය  අද (24) පෙරවරු 4.00 සිට හෙට (25) පෙරවරු 4.00 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වේ.
 
ඒ අනුව පහත සඳහන් ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න යන පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
 
කොළඹ දිස්ත්රික්කය – සීතාවක, පාදුක්ක
ගාල්ල දිස්ත්රික්කය – බද්දේගම, ඇල්පිටිය
ගම්පහ දිස්ත්රික්කය – අත්තනගල්ල, මීරිගම
හම්බන්තොට දිස්ත්රික්කය – කටුවන, වලස්මුල්ල
කෑගල්ල දිස්ත්රික්කය – වරකාපොළ, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල
මහනුවර දිස්ත්රික්කය – පාතදුම්බර, යටිනුවර, දොළුව, උඩුනුවර
කුරුණෑගල දිස්ත්රික්කය – අලව්ව, මාවතගම, පොල්ගහවෙල, මල්ලවපිටිය
කළුතර දිස්ත්රික්කය – ඉංගිරිය, බුලත්සිංහල, වලල්ලාවිට
රත්නපුර දිස්ත්රික්කය – කලවාන, ඇලපාත, අයගම, පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට.