Monday, October 26, 2026
Follow Us
ඉඟිණිමිටිය ජලාශයේ වාන් දොරටු කිහිපයක්ද විවෘත කරයි

ඉඟිණිමිටිය ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය පාලනය කිරීම සඳහා මේ වන විට එම ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් ද වාන් දොරටු දෙකක් අඩිය බැගින්ද විවෘත කර තත්පරයට ඝණ අඩි 3000ක ජල ප්‍රමාණයක් මී ඔය වෙත නිකුත් කරමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂක (ජල කළමනාකරණ) සඳහන් කරයි.

ඉඟිණිමිටිය ජලාශයට පහළ නිම්නයේ මී ඔය දෙපස පදිංචි ජනතාව වාන් දොරටු විවෘත කිරීමේ නිවේදන පිළිබඳ ව විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු අතර මී ඔයෙහි ජල මට්ටම් පිළිබඳවද අවධානයෙන් කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.