ජපානයේ මධ්‍යම ප්‍රදේශයට අද (08) අලුයම රික්ටර් මාපකයේ 5.7ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙන බව වාර්තා වෙයි.
එම භූ කම්පනයෙන් පුද්ගලයන් 24කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ගොඩනැගිලිවල වීදුරු බිඳී යාම, වෙළෙඳසල්වල භාණ්ඩ රාක්කවලින් වැටීම සහ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වීම ද සිදුව තිබෙන බවයි වාර්තා වෙයි.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත්තේ ටෝකියෝ නගරයට බටහිර දෙසින් පිහිටි ෂිසුඕකා ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් අද අලුයම 1.04ට මෙම භූ කම්පනය හටගෙන ඇති බවය.
කෙසේ වෙතත්, මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර, මරණ කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.
භූ කම්පනයේ බලපෑම හේතුවෙන් ෂින්කන්සෙන් අධිවේගී දුම්රිය ඇතුළු ප්‍රාදේශීය දුම්රිය සේවා කිහිපයක ගමනාගමනය ද තාවකාලිකව ප්‍රමාද කිරීමට සහ අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.