මහනුවර - යාපනය මාර්ගය (A009) පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
ජාතික මහාමාර්ග පුළුල් කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ මහනුවර‑යාපනය මාර්ගයේ කිලෝමීටර 58+240 සිට කිලෝමීටර 63+000 දක්වා වන මාර්ග කොටස පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ.
ඒ සඳහා ලංසු 08ක් ලැබී ඇත. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන, M/s Tudawe Brothers (Pvt) Ltd., වෙත රුපියල් බිලියන 1.070ක (අවිනිශ්චිතතා අරමුදල් ඇතුළුව සහ එකතු කළ අගය මත බදු රහිතව) මුදලකට එම කොන්ත්‍රාත්තුව පිරිනැමීම සිදු වේ.