නීතිවිරෝධී මුදල් සම්ප්‍රේක්‍ෂණ ක්‍රම හරහා මුදල් බෙදාහරින හා ලබාගන්නා අයගේ බැංකු ගිණුම් 500 ක් හදුනාගෙන ඇතැයි රජයේ ඉහළ පෙළ් ආරංචි මාර්ග පවසනවා. එම ගිණුම් 15 ක් දැනටමත් අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ. එලෙස මේ දක්වා බැංකු ගිණුම් පවත්වාගෙන ගිය පුද්ගලයින් 06 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු කර තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ ගෑස් බෙදා හැරීම අත්හිටුවීමට තීරණය කළ බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කර සිටිනවා.
ලොව පුරා ව්‍යාප්ත වෙමින් ඇති ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විටත් දිවයිනට ඇතුලුවී නැතැයි කිසිවෙකුටත් ප්‍රකාශ කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
විවිධ වසංගත හමුවේ ලොව ඇතැම් රටවල් ඒ වෙනුවෙන් කටයුතු නොකර ඇති පසුබිමක ක්ෂේත්‍ර ගණනාවක් අප ජයගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
අයවැය සම්මත වීමට පෙර රාජ්‍ය සේවකයින්ට අවම වශයෙන් රුපියල් දස දහසක දීමනාවක් ලබා නොදුන හොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට යන බව රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සම්මේලනය පවසයි.
දිවයින පුරා විසිරී සිටින පාරම්පරික දේශීය වෛද්‍යවරුන් මුදලට සීමා නොවී සිය ධනය, ශ්‍රමය, කාලය වැය කරමින් රෝගීන් සුවපත් කරලීමෙහිලා සුවිශාල කාර්යයභාරයක් සිදුකරනු ලබන අතර, ඔවුන් විසින් ජාතික සෞඛ්‍ය සේවාව නංවාලීමෙහිලා දක්වන දායකත්වය අතිමහත්ය.
රටේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට පවා නොහැකි මට්ටමට ඩොලර් හිඟයක් ඇතැයි පසුගිය දිනවල පැවසුන නමුත් රසායනික පොහොර ආනයනයට අවසර ලබාදුන් පසුව මේ වනවිට සියලුම පෞද්ගලික බැංකු එතෙක් සඟවාගෙන සිටි ඩොලර් එළියට ගෙන රසායනික පොහොර ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කර ඇති බවත් කාබනික වගා ප්‍රතිපත්තියට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
මාධ්‍යයට ආණ්ඩු හදන්න පුළුවන්, ආණ්ඩුවක් බලයට ගේන්න පුළුවන්. හැබැයි මාධ්‍යයට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍යය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යයට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි. ඒක මාධ්‍යවේදීන් තේරුම් ගත්තාට අපේ අය තේරුම් අරගෙන නෑ වාගේ කියලා මට හිතෙනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කර සිටියා.
පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වූ එම්.ඩී.රංජනි ජයකොඩි මහත්මිය කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ උපදේශක තනතුරට පත් කර තිබේ.
ගෑස් සම්බන්ධයෙන් මේවනවිට මතුව ඇති ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වෙළඳ අමාත්‍යශයීය උපදේශක කාරක සභා රැස්වීමක් අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වෙනවා. උදෑසන 09 ට පැවැත්වෙන එම රැස්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇතුළු අදාළ පාර්ශව රැසක නියෝජිතයින් කැඳවන බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ.
The National Council for Road Safety has decided to increase the payment of compensation for the dependents of victims of serious injuries, Transport Minister Pavithra Wanniarachchi said yesterdayy.
Page 255 of 641