Tuesday, February 17, 2026
Follow Us
උපන් බිමෙහි බෝඩිංකාරයන් වන යුගය නිමකළ යුතුයි - අගමැති

නිවසක් නැතිව උපන් බිමෙහි බෝඩිංකාරයන් වන යුගය ඉදිරි වසර කිහිපය තුළ නිමාකළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

නිවාස 528 කින් සමන්විත කොළොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් 800 කට නේවාසික පහසුකම් සැලසීම සහ කැළණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේදී ඉවත් කළ ජනතාව ඇතුළු අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් එම නිවාස වෙන්කර තිබෙනවා.

නිවාස සෑදීමට වඩා ප්‍රචාරණය සදහා පසුගිය රජයන් සමයේ මුදල් වැයකළ බවයි අග්‍රාමාත්‍ය එහිදී වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)