Tuesday, February 17, 2026
Follow Us
රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කෙරේ

රාජ්‍ය සේවකයන්ගේ අනාගතයට බලපාන අද ආපු අලුත්ම චක්‍රලේඛය


2022 ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස සංශෝධනයකට ලක් කිරීමට තීරණය කර තිබේ.

ඔවුන්ගේ විශ්‍රාමික වයස අවුරුදු 62 දක්වා වැඩි කෙරෙන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල සඳහන් කරයි.

මේ වනවිට රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගන්වනු ලබන්නේ වයස අවුරුදු 57 දීය.

නව නියමයත් සමග කිසියම් නිලධාරියෙකු වයස අවුරුදු 57 ඉක්මවා සේවයේ යෙදීමට අපේක්‍ෂා කරන්නේ නම් ඒ සදහා සේවා දිර්ඝ කිරීමේ ඉල්ලීමක් නොමැතිව වයස අවුරුදු 62 ක් දක්වා සේවය කළ හැකි වනු ඇත.
කෙසේවෙතත් වයස අවුරුදු 57 සිට 62 අතර කාලය තුළ නිලධාරියාගේ අභිමතය පරිදි පත්වීම් බලධාරියා වෙත මාස 3 ක පූර්ව දැනුම්දීමකින් අනතුරුව විශ්‍රාම ගත හැකි බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.

(Aruna)