ගෑස් නඩු තීන්දුව අද
පාරිභෝගිකයන් සහ වෙළෙඳ නියෝජිතයන් සන්තකයේ තිබෙන සියලුම අනාරක්ෂිත ගෑස් සිලින්ඩර් ඉවත් කරගැනීමට පියවර ගෙන ඇති බවත් මින් ඉදිරියට පාරිභෝගික අධිකාරිය අනුමත කරන ගෑස් සිලින්ඩර් පමණක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සමාගම වගබලාගන්නා බවත් ලිට්රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර ඊයේ අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
අනාරක්ෂිත ගෑස් සිලින්ඩර් පාරිභෝගිකයන්ට සැපයීම වැළැක්වීමට මේ වන විට සමාගම ගෙන ඇති පියවර හා ඉදිරියේ දී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ විස්තර ඇතුළත් දිවුරුම් පෙත්සම් 02ක්ද ජනාධිපති නීතිඥවරයා විසින් උසාවියට ඉදිරිපත් කරන ලදී.
පසුගිය දිනවල වාර්තා වූ ගෑස් අනතුරුවලින් 90%ක් පමණ සිදුවී ඇත්තේ ප්‍රමිතියෙන් තොර උදුන් හා උපාංග නිසා බවත් ඒ බව විමර්ශනවලින් තහවුරු වී ඇති බවත් ජනාධිපති නීතිඥ අමරසේකර මහතා කීවේය.
ගෑස් සිලින්ඩර්වල අන්තර්ගත විය යුතු සංයුතිය පිළිබඳ ළඟදීම තීරණයක් ගන්නා බවත් ඒ සඳහා ලබන 20 වැනිදා අදාළ සියලුම පාර්ශ්ව සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බවත් පාරිභෝගික අධිකාරිය සහ ප්‍රමිති කාර්යංශය වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ මනෝහර ජයසිංහ මහතා පැවැසීය.
ප්‍රියන්ත ප්‍රනාන්දු සම්පත් ජයරත්න සහ අභියාචනාධිකරණ විනිසුරුවරු හමුවේ මෙම විභාගය පැවැත්වේ.
පෙත්සම්කරු හා වගඋත්තරකරුවන් ඉදිරිපත් කළ කරුණු සහ ‘ලිට්රෝ’ ගෑස් සමාගම ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම් දෙකේ කරුණු සලකා බලා පෙත්සම සම්බන්ධයෙන් ගන්නා තීරණය අද (17 වැනිදා) ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඬුල්ල සඳහන් කළේය.
(Aruna)