සිංගප්පූරුවේ පෞද්ගලික සංචාරයක නිරත වී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින මධ්‍යම රාත්‍රීයේ දී ආපසු දිවයිනට පැමිණ ඇති බව කටුනායක ගුවන් තොටුපළ අප වාර්තාකරු සඳහන් කර සිටිනවා.
ජනාධිපතිතුමා සමග මෙම සංචාරය සඳහා තවත් 05 දෙනෙකු එක් වී සිටියා.
මෙම පිරිස ඊයේ දින මධ්‍යම රාත්‍රී 11.45 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
ජනාධිපතිතුමා ඇතුළු මෙම පිරිස පෞද්ගලික සංචාරයක් සඳහා ඉකුත් 13 වෙනිදා දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා.
(Neth)