Sunday, April 12, 2026
Follow Us
ශ්‍රී පාද වන්දනාවට කොවිඩ් එන්නත අනිවාර්යයි

ශ්‍රීපාද වන්දනා සමය ක්‍රියාත්මක වන කාලය සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ අනුව ශ්‍රීපාද වන්දනා සමය ක්‍රියාත්මක වන්නේ ලබන 18 වැනි දා සිට ලබන වසරේ මැයි 16 වෙනිදා දක්වාය.

ශ්‍රී පාද වන්දනාව වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් ද නිකුත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇත.

එමෙන්ම වන්දනා කිරීමට පැමිණෙන පුද්ගලයින් කොවිඩ් මර්ධනය සඳහා වූ එන්නත ලබා ගෙන තිබීම සහ එය සනාථ කිරීම සඳහා එන්නත් කාඩ්පත හෝ එහි ජායා පිටපතක් ලග තබාගත යුතු බවද ගැසට් නිවේදනයේ සඳහන් ව ඇත.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්ම යා යුතුය.

(Neth)