Tuesday, February 17, 2026
Follow Us
මහපොළ ඔන්ලයින් ලොතරැයියකට

දෙස්විදෙස් ආයෝජකයන්ගෙන් කඩිනමින් ටෙන්ඩර් කැඳවයි


මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් මණ්ඩලය යටතේ ඔන්ලයින් ලොතරැයියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර ඒ සඳහා දෙස්විදෙස් ආයෝජකයන්ගෙන් කඩිනමින් ටෙන්ඩර් කැඳවීමට එම අරමුදල තීරණය කර ඇත.

ඉදිරි මාස හතර ඇතුළත ලොතරැයිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් එම අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

එම ලොතරැයියේ නියෝජිතයන් වශයෙන් මෙරට සන්නිවේදන ආයතන පත් කිරීමට නියමිතය. වසංගත තත්ත්වය නොවූයේ නම් මේ වන විටත් මෙම ලොතරැයිය ආරම්භ කර ඇතැයි ද ඉහත නිලධාරියා කීවේය.

කලින් සැලසුම් කර තිබූ පරිදි මහපොළ නමින් මුද්‍රිත ලොතරැයියක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය අත්හැර දැමීමට ද එම අරමුදල තීරණය කර තිබේ.

(Aruna)