මත්ද්‍රව්‍ය උවදුරෙන් නිදහස් වන රටක් බිහිකිරීම සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සිදුකරන මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයින් සඳහා ප්‍රතිකාර හා පුනරුත්තාපන සේවාවන් පුළුල් කිරීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේබව කියා සිටියා.
(Neth)