Tuesday, February 17, 2026
Follow Us
ජනපති නම් කළ නව මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය

රෝහිණි මාරසිංහ මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරයට


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එම ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පූජ්‍ය කළුපහන පියරතන හිමියන් ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සාමාජිකයෙකු ලෙස පත්කර ඇති බවය.

(Aruna)