ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ බවට සැකකරෙන පුද්ගලයෙකු මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බැවින් අදාළ ප්‍රදේශයේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
පොහොර හිගයට එරෙහිව තවදුරටත් ගොවීන් සිය විරෝධතාවය දක්වන බව ඉකුත් දිනවලදීද වාර්තා වුණා. ඒ හරහා අස්වැන්න ද අඩු වී ආහාර හිඟයක්ද ඇති විය හැකි බවටයි විවිධ පාර්ශව සදහන් කර තිබුණේ. එසේ වුවහොත් ආහාර ආනයනය කිරීමට සිදු විය හැකි බවද ඔවුන් පෙන්වා දුන්නා. එවැන්නක් සිදුවුවහොත් මෙරට ආර්ථිකයට තවත් බලපෑමක් සිදුවේද ?
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (21) උදෑසන 4 සිට හුදකලා කර තිබේ.
විදෙස් රටවල සැඟව සිට මෙරට විවිධ අපරාධ සහ ජාවාරම් මෙහෙයවන පුද්ගලයන් 24 දෙනෙකුට රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලීසිය පවසනවා. මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 11 දෙනෙකු ඒ අතර වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඩෙංගු රෝග නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂක ලෙස ස්ථාන මාරුවක් ලබාදී තිබේ.
සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පෙරේදා (19 වැනිදා) ලිපියක් යොමු කර තිබේ.
පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 1,082ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.
නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1281 දෙනෙකු ගත වූ පැය 24 තුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි
දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම විද්‍යුත්කරණය කිරීමේ ව්‍යාපෘතිය නොමිලයේ සිදුකර දීමට දේශීය සන්නිවේදන සමාගමක් විසින් එකඟත්වය හා කැමැත්ත පළකර තිබියෙදී එම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 22 ක කොන්ත්‍රාත්තුවක් මත චීන සමාගමකට දීමේ උත්සහායකට දුම්රිය වෘත්තීය සමිති ප්‍රමුඛ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති රැසක් දැඩි විරෝධය පළකර සිටී.
සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පළමුවරට වාර්තා වූ දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් කොවිඩ් -19 ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගෙන තිබේ.
නිෂ්පාදන වියදම ඉහළයාම හේතුවෙන් කුකුළුමස් පාලන මිලට ලබාදිය නොහැකි යැයි කුකුළුමස් නිෂ්පාදන කර්මාන්තකරුවෝ සඳහන් කරයි.
While urging the President to continue with the current lockdown measures uninterrupted, Sri Lanka Medical Association (SLMA) said lifting the lockdown even for a few days would escalate the COVID-19 situation increasing numbers of cases and causing unacceptable mortality.
කැස්බෑවන්ට මෙන්ම ඉදිරියේදී මෙරට මුහුදු සීමාව අවට සිටින ක්ෂීරපායී වර්ගයේ ඇතුළු වෙනත් සාගර ජීවීන්ට ද දැඩි බලපෑම් එල්ල වීමේ අවදානමක් ඇතැයි සාගර විද්‍යාඥයින් අනතුරු අගවනවා. ඒ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සහ එහි ඉදිරි බලපෑම් හේතුවෙන් මෙරට සමුද්‍ර කලාපයේ සිටින කැස්බෑ සම්පතට එල්ල වී ඇති බලපෑම් ද උදාහරණයට ගනිමින්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ,රාජ්‍ය සේවා කොමිසන් සභාවේ නියමයකට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා උසස් කර තිබෙනවා.
Several soldiers, who were involved in an alleged harassment of a group of individuals in Eravur, have been suspended on the directive from the Chief of Defence Staff and Army Commander General Shavendra Silva.
ශ්‍රී ලංකාවේ සමාජයෙන් හඳුනාගෙන ඇති ඉන්දීය කොරෝනා ප්‍රභේදය හෙවත් ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
වරින් වර අලුතින් සොයා ගන්නා ප්‍රභේද පිළිබඳ ලැබෙන තොරතුරු ඉතා කෙටි කාලයක් තුල අධ්‍යනය කළ ඉතා කුඩා නියැදි තුළින් ලබා ගන්නා ලද දත්ත බැවින් අලුත් දත්ත ලැබීමත් සමග ඉදිරියේදී තත්ත්වය වෙනස් විය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා.
Page 404 of 741