Wednesday, April 29, 2026
Follow Us
ඩෙල්ටා ව්‍යාප්තිය හමුවේ රුධිර සංචිතත් පහලට

ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සහ එහි සෙසු මධ්‍යස්ථානවලට ලැබෙන දෛනික රුධිර ඒකක ප්‍රමාණයද අඩු වෙමින් ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසනවා.

ඔහු නෙත් නිවුස් වෙත අදහස් පළ කළේ මේ වන විට රුධිර ඒකක 950ත් 1000ත් අතර ප්‍රමණයක අවශ්‍යතාවක් පවතින බවයි.

මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පවතින රුධිර සංචිතද අඩුවනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

(Neth)