Thursday, August 21, 2025
Follow Us
250 ක් වත් දවස ගානෙ මැරෙනවා - GMOA

කොවිඩ් වසංගතයට අදාලව රජය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරන සංඛ්‍යා ලේඛන කිසිසේත්ම පිළිගත ‍නොහැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. එම සංඛ්‍යා ලේඛන හා රෝහල්වල සැබෑ තත්වය අතර බරපතල වෙනසක් තිබෙන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

තම සංගමය වෙත රෝහල්වලින් සහ වෛද්‍යවරුන්ගෙන් ලැබෙන තොරතුරු මත අවම වශයෙන් දිනකට පුද්ගලයන් 250 ක් වත් කොවිඩ් හේතුවෙන් මියයන බවත්, දෛනිකව වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 5000 ඉක්මවා ගොස් ඇති බවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරනවා.

ඩෙල්ටා වෛරස ප්‍රභේදය ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බැවින් ඉදිරියේදී මීට වඩා භයානක තත්වයක් ඇතිවිය හැකි බව පෙන්වා දෙන නවීන් ද සොයිසා මහතා පවසන්නේ වසංගතය පාලනය කිරීමට නම් සැබෑ සංඛ්‍යා ලේඛන රටට ඉදිරිපත් කළයුතු බවයි.

(LNW)