වැටුප් විශමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින්ට ඒ සඳහා සොයා බලා කරුණු වාර්තා කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව කැඳවීමක් කර තිබෙනවා. අදාල සාකච්ඡාව ලබන අගහරුවාදා පස්වරුවේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නිවසේදී පැවැත් වීමට නියමිතයි.
කෙසේවෙතත් මෙම සාකච්ඡාව සඳහා සිය නියෝජිතයින් තිදෙනෙකුට පමණක් අවස්ථාව ලබා දිය හැකි බව එම අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් දැනුම් දුන් බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ. ගුරු විදුහල්පකි වෘත්තීය සමිති නියෝජිතයින් වෙන් වෙන්ම කැඳවීම සම්බන්ධයෙන් සිය විරෝධය පලකරන බවද ඔහු සඳහන් කළා.
එම සාකච්ඡාව සඳහා සිය වෘත්තීය සමිති නියෝජිතයින් කැඳවිය යුත්තේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයක් ලෙස පමණක් බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකශ කෙරුණේ.
(Neth)