Saturday, February 28, 2026
Follow Us
මෙහෙකාරිය දූෂණය කළැයි කියන හිටපු ඇමැති මස්සිනාට අද වෙච්ච දේ

රිෂාඩ්ගේ මස්සිනාගේ විදෙස් ගමන් බලපත්‍රයත් ගනියි


හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මස්සිනා වන මොහොමඩ් ෂියාබ්දීන් ඉස්මත් නැමැත්තා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කර තිබේ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ 2016 වසරේදී සේවය කළ තරුණියක් දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොහොමඩ් ෂියාබ්දීන් අත්අඩංගුවට ගෙන පොලිස් විමර්ශන ක්‍රියාත්මක විය.

ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටද නියෝග කළේය.

(Aruna)