Saturday, October 17, 2026
Follow Us
ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද (16) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බව වාර්තා වේ.

බහලුම් 13ක් තුළ අසුරා තිබු එන්නත් තොගය ගොඩබෑමෙන් පසුව ශීතාගාර පහසුකම් සහිත ගබඩා වෙත යොමුකර තිබේ.

(Aruna)