Thursday, August 21, 2025
Follow Us
දෛනික කොවිඩ් රෝගීන් 3263ක්. මෙතෙක් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 350,000 ඉක්මවයි

ඊයේ (14) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3263ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 3245 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණි 18 දෙනෙකු වශයෙනි. මෙසේ දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3000 ඉක්මවා ගියේ පිටපිට තුන්වැනි දිනටය.

ඒත් සමග මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 351,533ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(LNW)