තෙවන දිනටත් මෙරට දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ 150 සීමාව ඉක්මවා ගියා. ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වු කොරෝනා මරන සංඛ්‍යාව 160ක්. ඒ අනුව ගතවු සතිය තුළදී පමණක් මෙරටින් කොරෝනා මරණ 919ක් වාර්තා වී තිබෙනවා.
ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 160න් 124 දෙනෙකුම වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින්. අවුරුදු 30ත් 59ත් අතර කොරෝනා මරණ 35ක්ද ඊයේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාවට ඇතුළත් වනවා. ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 160 අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයෙකුද වනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 5,936ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා මරණවලින් බහුතරයක් එන්නත ලබා නොගත් පුද්ගලයින් බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.
මේ අතර ඊයේ දිනයේදී මෙරටන් තවත් කොරෝනා ආසාදිතයින් 3,263 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව ගතවූ සතියේදී පමණක් මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිත සංඛ්‍යාව 22,180ක්.
(Neth)