සිය ගැටලුවලට විසදුම් ලබා දෙන ලෙස රජයට බල කරමින් අන්තර්ජාලය ඔස්සේ පෙත්මක් අත්සන් කිරීමේ වැඩසටහනක් ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද ආරම්භ කළා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් පැවසුවේ එම පෙත්සම සඳහා දෙමාපියන්ගෙන් ද අත්සන් ලබා ගන්නා බවයි.
ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිිරිපත් කිරීමට අමාත්‍ය මණ්ලය ඉකුත්දා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්ද පත් කළා. ඒ අනුව එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වර්ජනයේ නිරත ගුරු විදුහල්පති වෘත්තීය සමිති හමු වී සාකච්ඡා කිරීමට තීරණය කළ අතර ඊයේ දිනයේ ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ නියෝජිතයින් හමු වී සාකච්ඡා කර තිබෙනවා.
ලබන සතියේ තවත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති 10ක් හමු වී සාකච්ඡා කරන බවයි එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සඳහන් කළේ.
(Neth)