Saturday, February 28, 2026
Follow Us
ආසාත්මිකතා ඇති අයත් කොරෝනා මර්දන එන්නත ලබාගත යුතු බව වෛද්‍ය පර්යේෂකයින් කියයි

විවිධ ආසාත්මිකතා ඇති පුද්ගලයින්ද කොරෝනා මර්දන එන්නත ලබා ගත යුතු බව වෛද්‍ය පර්යේෂකයින් පවසනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර නෙත් නිවුස් වෙත පැවසුවේ ආසාත්මිකතා ඇති පුද්ගලයින් පමණක් කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීමේදී ආරක්ෂාකාරී විය යුතු බවයි.

එන්නත්කරන කටයුතු සිදුකරණ මධ්‍යස්ථාන පිළිබඳවද අනිසි බියක් ඇති කර නොගත යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයෙකුට යලි කොරෝනා වෛරසය ආසාදනය වුවද ඉන් ඔහුට ජීවිත අවදානමක් නොමැති බවයි ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)