Thursday, August 21, 2025
Follow Us
පොලිස් කෝවිඩ් පොකුරක්

මහරගම පොලිස් ස්ථානාධිපති ඇතුළු 12ක් පොසිටිව්


මහරගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති, පොලිස් පරීක්ෂකවරයකු, උප – පොලිස් පරීක්ෂකවරුන් සිව්දෙනෙකු ඇතුළු නිලධාරීන් 12 දෙනකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇත.

එමෙන්ම මොවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇත තවත් නිලධාරීන් 15 දෙනෙකු නිරෝධායනය සඳහා ද යොමුකර ඇත.

මහරගම පොලීසියේ ස්ථානාධිපතිවරයා පසුගියදා විරෝධතාවයක් අතරතුර අනතුරකට ලක්වීම හේතුවෙන් පොලිස් ස්ථානයට වැඩබලන ස්ථානාධිපතිවරයෙකු පත්කර ඇත.

(Aruna)