මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (30) සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවන බවට හෙට දින (30) ක්‍රියාත්මක කරන වැඩ වර්ජනයට සම්බන්ධ ඇතැම් කණ්ඩායම් විසින් ප්‍රචාරය කරනු ලබන බව නිරීක්ෂණය වූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නමුත් එම ප්‍රචාරයන් අසත්‍ය බව මෙයින් ප්‍රකාශ කර සිටින අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මෙන්ම ප්‍රාදේශීය කාර්යාලද සාමාන්‍ය පරිදි 2026-11-30 දින ද ක්‍රියාත්මක වන බව මෙයින් ජනතාව වෙත දැනුම් දෙනු ලැබේ.
ඒ අනුව විශේෂයෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඉටු කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම, වීසා සම්බන්ධ කටයුතු ඇතුළත්ව සාමාන්‍ය දිනවලදී සිදු කරනු ලබන සියලුම කටයුතු අද කිසිදු බාධාවකින් හා ප්‍රමාදයකින් තොරව සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.