Thursday, August 21, 2025
Follow Us
කොළඹින් පිට නගර කිහිපයක් ජන ශූන්‍ය වෙයි

රට තුළ ව්‍යාප්ත වන කොරෝනා වෛරසයේ අවදානම හේතුවෙන් කොළඹින් පිට බොහෝ නගරවල ජනතාව වෙනදා මෙන් අද දිනයේ දක්නට නොලැබෙන බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. ජනතාව නගරයට පැමිණීම වැළැක්වීම සදහා ගම්පහ නගරයේ සියළු වෙළදසැල් සහ ව්‍යාපාරික ස්ථානද අද සිට වසා දමා තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු ටෝනි කරුණානායක පැවසුවේ.

දිවුලපිටිය නගරයේ සියළු වෙළදසැල්ද අද රාත්‍රියේ සිට සතියක කාලයක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලද වෙළද සැල් ද මේ වනවිට වසා දමා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද සදහන් කළේ.

මේ අතර ඩෙල්ටා ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් අම්බලන්ගොඩ, අම්බලන්තොට නගරවල සහ මාතලේ පලාපත්වල ප්‍රදේශයේ වෙළදසැල්ද අද සිට වසා දමා තිබෙනවා. කැකිරාව නගරයේද අද දක්නට ලැබුණේ ජන ශූන්‍ය ආකාරයක්.

කැකිරාව ප්‍රදේශය ආශ්‍රීතව පවතින කොරෝනා අවදානම හේතුවෙන් ඊයේ සිට ලබන 27වනදා දක්වා කැකිරාව නගරයේ වෙළදසැල් වසා දමා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු කුෂාන් ජයවර්ධන පැවසුවේ.

(Neth)