සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම මේවනවිට අවම මට්ටමක පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. රටේ වත්මන් අර්බුදවලට විසදුම් සෙවීම සඳහා ඇතැම් පාර්ශව සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම සඳහා කැප නොවන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සොයා පොලිස් කණ්ඩායමක් මේ වන විට මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයට පැමිණ සිටිනවා.
මැයි 09 වැනිදා සිදුවූයේ අරගලකරුවන්ට ප්‍රහාරයක් එල්ල වීම නොව අරගලකරුවන් විසින් තමා ඇතුළු නිරායුධ පිරිසට පහරදීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසනවා.
Leader of Tamil Progressive Alliance (TPA) an ally of Samagi Jana Balawegaya (SJB) Mano Ganesan yesterday welcomed the decision by the government to introduce a direct cash subsidy to low income groups to purchase kerosene in the wake of the price increase.
දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් රාජ්‍ය ආදායම සියයට 11 යි දශම 3 ක් දක්වා වැඩිකර ගැනීමට සහ රාජ්‍ය වියදම සියයට 18.1 දක්වා අඩුකර ගැනීම ඇතුළු ප්‍රධාන කරුණු 04 ක් ඉලක්ක කර ගනිමින් ලබන වසර සඳහා වන අයවැය සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදී රටක භාෂණයේ, රැස්වීමේ, උද්ඝෝෂණය කිරීමේ නිදහස ඇති නමුත් අද වන වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා ලංකාවේ එම නිදහස සහමුලින් ඉවත් කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
09 වන පාර්ලිමේන්තුවේ තෙවන සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.
මැයි 09 සිට ජූනි 12 වනදා දක්වා සිදු වූ සියලු ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සොයා බලා විමර්ශණය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
While urging the government to repeal the Prevention of Terrorrism Act (PTA), the National People's Power today called on the government to release the three student activists who were detained under the PTA.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගනිමින් ආණ්ඩුව දේශපාලන දඩයමක නිරත වන බව සමඟි ජන බලවේගය පවසනවා. එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ආණ්ඩුව දිගින් දිගටම එලෙස කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව ජනතාව සමඟ එක්ව ක්‍රියාමාර්ගයකට යොමු වීමට සිදුවන බවයි.
ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමට පෙර මර්දනීය තීන්දු නොගත් පුද්ගලයෙක් වන අතර ඔහු දැන් සිදුකරන්නේ පොහොට්ටු මන්ත්‍රීවරු සතුටු කිරීම මෙන්ම ජනාධිපති පුටුවේද ප්‍රශ්නයක් තිබිය හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.
ආණ්ඩුවට එරෙහි විරෝධතා පැවැත්වුණු ඉකුත් කාලසීමාව තුළ පාර්ලිමේන්තුවට ගිනි තැබීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව ඇති බව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට දැනුම් දී තිබෙනවා.
සාමාන්‍ය ජනතාව පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට යොමුවීම තුළින් මේ වනවිට දුම්රිය මගී ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩිවී ඇති බවත් පසුගිය වසර 20ක කාලය තුළ අධිවේගී මාර්ග වලට යොමුකළ මුදල් වලින් 10%ක් පොදු ප්‍රවාහනයට යොමු කළේ නම්, අද මෙරටට නවීකරණය වූ දුම්රිය පද්ධතියක් හා මගී බස්රථ සේවයක් ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
Page 125 of 554