රනිල්ගේ සිංගප්පූරු හුටපටෙත් එළියට එයි
රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටවකු වගේ බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද(31) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
“ජනපති රනිල් වික්‍රමසිංහ මෙවැනි ප්‍රතිපත්ති ඉදිරිපත් කළේ ඊයේ පමණක් නොව හැමදාම ඉදිරිපත් කළ බවත් පෞද්ගලික අංශයට මුල්තැන දීම, ලෝකය සමඟ එකතුවීම, තරගකාරීත්වය ගැන පැවසූ නමුත් ඔහුට ඒ දේවල් කරන්න රාජපක්ෂවාදී ලිංමැඩි ආර්ථිකය එදා සිට ඉඩ දුන්නේ නැතැයි” හර්ෂ ද සිල්වා පැවසීය.
එදා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අත්සන් කරන්න උත්සාහ කරද්දී එය කරන්න ඉඩ නොදුන් බව කී ඔහු මෙවරත් ඒ දිශානතිය වෙනස් කිරීමට පොහොට්ටු කට්ටිය ඉඩ දේවි දැයි ප්‍රශ්න කළේය.
Aruna