ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ණය ලබා ගැනීම සහ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 9 ක විස්තීරණ ණය පහසුකම ලබාගැනීමට හැකි වන්නේ ණය හිමියන් සමඟ ශ්‍රී ලංකාව එකඟතාවකට පැමිණියහොත් පමණක් බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද 01වති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මන්ත්‍රීවරයා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීමෙන් රටේ තිබෙන ප්‍රශ්ණවලට විසදුම් ලබාදිය නොහැකි බවයි.
Neth