Sunday, February 01, 2026
Follow Us
ලංකාවට සතයක්වත් එවන්න එපා

ලංකාවේ රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙයි


රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක රටක් ලෙස ශ්‍රී ලංකාවට මුදල් එවීමෙන් වැළකී සිටින ලෙස විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඊයේ(31) අයවැය විවාදයට එක්වෙමින් පැවැසීය.

“පිටරට සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ රාජ්‍ය ත්‍රස්තවාදය නවතිනකම් මේ රටට සතයක්වත් එවන්න එපා. අපි බඩගින්නේ මැරෙන්න වුණත් ලෑස්තියි සත පහක්වත් එවන්න එපා. මේ රජයට උදව් කරන්න එපා.

අයි.එම්.එෆ්. එකෙන් ලැබෙන දේවල් ලැබෙනවා කිව්වා. අපි ආඩම්බර වෙනවා. ඒක හරියට හිඟන්නෙකුට ස්වීප් ටිකට් එකක් ඇඳුනා වගෙයි.නමුත් මේ රාජ්‍ය ත්‍රස්‌තවාදය තිබෙනවානම් මේවා ලැබීමට අපි සුදුසුද නැත්ද කියලා මට ප්‍රශ්නාර්ථයක් තිබෙනවා.”

Aruna