Sunday, February 01, 2026
Follow Us
අගමැතිගෙන් සජිත්ට පිළිතුරක්

විරෝධතාකරුවන් PTA යටතේ අත්අඩංගුවට ගෙන නෑ


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (30) සංවිධානය කළ විරෝධතාව අතරතුර පොලිස් භාරයට ගත් කිසිවකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට නොගන්නා බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්නකිරීමකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඊයේ පැවති විරෝධතා පාගමනේදී කිසිදු හේතුවක් නොමැතිව පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියේ ය.

ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට පත්වූවන් නිදහස් කරන්නැයි, බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ පස්වරුවේ මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය ඊයේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර එහිදී විරෝධතාකරුවන් 25 දෙනෙකු අත්අඩංගුවට ගැනිණ.

Aruna