Sunday, February 01, 2026
Follow Us
සර්ව පාක්ෂික කතා වැඩක් නෑ, ඡන්දෙ දීපු 134 එක්ක ආණ්ඩුවක් හදන්න – නාමල් ජනපතිගෙන් ඉල්ලයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව ලබාදුන් නමුත් එය යථාර්ථයක් බවට පත්වන ආකාරයක් පෙනී නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කළයුතු බවට යෝජනා කළ පාර්ශ්ව පවා අද ඊට එකඟ නොවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

මෙම තත්වය තුළ රට දේශපාලනික වශයෙන් ස්ථාවර කිරීම තවදුරටත් කල්දැමීමට නොහැකි බවත්, එනිසා ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී සහාය දැක්වූ මන්ත්‍රීවරුන් 134 දෙනා සම්බන්ධ කර ගනිමින් හෝ ජනාධිපතිවරයා ස්ථාවර ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බවත්, ඒ හරහා ජනතාව මුහුණදෙමින් සිටින බරපතල අර්බුදවලට විසඳුම් ලබාදිය යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට පත් කිරීමට තීරණය කළේ ඩීල් නිසා හෝ නඩුවලින් ගැලවීමට හෝ නොවන බව පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ රට යළිත් නිවැරදි මාවතට රැගෙන සාර්ථක ගමනක් යා හැකි එකම පුද්ගලයා ඔහු නිසා සහාය ලබාදීමට තීරණය කළ බවයි. ඡන්දයට ඉදිරිපත් වූ ඩලස් අලහප්පෙරුම මහතාට වඩා දේශපාලන අත්දැකීම් රනිල් වික්‍රමසිංහ මහතා සතු බවත්, ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමේදී ඔහුගේ පරිණත බව අතිශය වැදගත් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

LNW