ඉදිරියේදී රට වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් 14 දෙනාගේ කණ්ඩායම පවසනවා.
බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායකට ලබන සතියේ ජනපති පොදු සමාව හිමිවනු ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.
හැටනව ලක්ෂයක ජනවරම තවමත් ඇත්තේ රාජපක්ෂවරුන්ට බවත් ඉදිරි ආණ්ඩු පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔවුන්ට අයිතියක් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව පළවා හැරිය උද්ඝෝෂණවලින් පසු දැනට කිසියම් නිහැඬියාවක් ඇතිවී තිබුණත් කිසියම් මොහොතක ජනතාව නැවත නැඟී සිටින බවත් ඒ ජනතා නැගිටීමට නායකත්වය දීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
කෙටුම්පත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතට එරෙහිව පාර්ශ්ව 09 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබෙනවා. පසුගිය 10 වැනිදා මෙම සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළේය.
ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 14 දෙනාගේ කණ්ඩායම අද (20) අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය වැඳපුදා ගැනීමට ගොස් තිබුණි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සහය දැක්වීමට විපක්ෂය කටයුතු කරන්නේ නම් අමාත්‍ය ධූර අතහැරීමට සූදානම් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ආණ්ඩුව දිගු කරන ඇමති කැරට් අල අනුභව කිරීමට සුදානම් නොමැති බවත් රට වෙනුවෙන් ප්‍රතිපත්තිගරුකව රට ගොඩනගන්න රජය කරන හොද දේවල්වලට පමණක් එ්කාබද්ධ වැඩපිළිවෙළක් යටතේ පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා පමණක් සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඊයේ (18) දිනයේදී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාව ඇපයක් නොමැතිවම මුදාහැරීමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් නියෝග කර තිබේ.
රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ සිදුවූ ඝාතන සිද්ධියට වරදකරු වූ පුද්ගලලයාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා.
බැසිල් රාජපක්ෂ භීතිකාවෙන් මිදී දැන්වත් ඒ මහතාට පාඩුවේ හිඳින්නට ඉඩ ලබාදෙන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.
Page 124 of 551