President Ranil Wickremesinghe today denied reports which said a sum of Rs. 400 million has been allocated out of state funds to renovate the residence of Former Prime Minister Mahinda Rajapaksa.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව ලබාදුන් නමුත් එය යථාර්ථයක් බවට පත්වන ආකාරයක් පෙනී නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කළයුතු බවට යෝජනා කළ පාර්ශ්ව පවා අද ඊට එකඟ නොවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුවහ ගත කිරීමට ආණ්ඩුව යෝජනා ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය සම්බන්ධයෙන් එකග විය නොහැකි බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ලාභ ලබන ආයතනවල කොටස් විකිණීමේ තීරණයට සිය පක්ෂය කිසිසේත් සහය ලබා නොදෙන බවයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට යළි පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී 29 පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පොළොන්නරුව බටහිර මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රීලනිප සංවිධායකවරයා ලෙස පත්කර තිබෙනවා.
තමන්ගේ නමට රුපියල් දෙකෝටි දෙලක්ෂ 6,250ක මුදලක් ලැබී ඇත්තේ සිය නිවස සහ ඉඩම උකසට තබා ණයක් ලබා ගැනීමට අදාලව රක්ෂණ මුදල බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසනවා.
පසුගිය මැයි 09 වැනිදා රටපුරා ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් අතරතුර ගිනිගෙන විනාශ වූ, සිංහරාජ වනාන්තරය ආසන්නයේ පිහිටි සුඛෝපභෝගී හෝටලය තමන්ට අයත් එකක් බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා පිළිගෙන තිබෙනවා. නිවුස් ෆස්ට් සිදුකළ විමසීමකදී ඔහු පවසා තිබෙන්නේ එය තමන් ඇතුළු කිහිප දෙනෙකුට අයත් හවුල් දේපලක් බවයි.
මේ වන විට පාර්ලිමේන්තුව තුළ අයවැය කතා දහයකට වැඩියෙන් අසා ඇති නමුත් පවසන පරිදි අයත් නැති වැයත් නැති අයවැය ඉරිදිපත් වූ අතර සිදුවන්නේ කෙටිකාලීන වින්දනයක් ලැබීම පමණක් වන හෙයින් ජනතාවට කීමට ඇත්තේ ඒ ගැන බලාපොරොත්තු තබා නොගන්නා ලෙස යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
2022 විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වනවා. පාර්ලිමේන්තුව අද පෙරවරු 09 යි 30 ට රැස්වන අතර එම විවාදය අද පස්වරු 05 දක්වා පැවැත්වීමට නියමිතයි.
ආර්ථික සංවර්ධනයට අදාළ වගකීම් සහිත අමාත්‍ය ධුරයක් ලැබෙන්නේ නම් එය භාරගැනීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.
ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව පිළිබඳව අතුරු අයවැය ලේඛනය හරහා ඉදිරිපත් කළ දත්ත පිළිගත නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අතුරු අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකයා මේ බව සඳහන් කළේය.
2022 වසර සඳහා වන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ විසර්ජන සංශෝධන පනත් කෙටුම් පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී සිදු වනවා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් වුණා.
Page 124 of 556