තමන්ගේ නමට රුපියල් දෙකෝටි දෙලක්ෂ 6,250ක මුදලක් ලැබී ඇත්තේ සිය නිවස සහ ඉඩම උකසට තබා ණයක් ලබා ගැනීමට අදාලව රක්ෂණ මුදල බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසනවා.
මැයි 09 වනදා ඇති වූ ප්‍රචන්ඩකාරී සිදුවීම් අතරතුර මන්ත්‍රීවරයාගේ නිවසද කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබුණා. නිවසේ අලාභයට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නමට ලියූ රුපියල් දෙකෝටි දෙලක්ෂ 6,250ක් වටිනා චෙක්පතද මේවනවිට සමාජ මාධ්‍යවල සංසරණය වනවා.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී මන්ත්‍රීවරයා පැවසූවේ එම මුදල ගිනි ගැනීමට ලක්වූ සිය නිවස වෙනුවෙන් රජයෙන් ලබාදුන් වන්දි මුදලක් නොවන බවයි. අදාල චෙක්පත ලැබී ඇත්තේ තමන් ලබාගත් ණය මුදලට අදාලව රක්ෂණ මුදල බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පැවසුවා.
Neth